March 29, 2024

ශ්‍රි පාදය වන්දනාවේ ගිය අයට ලොකු අවුලක් (PHOTOS)

December 18, 2021

2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය අද (18) දිනයෙන් ආරම්භ වීමත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියෙන් ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියා.

එසේ දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන්ට ප්‍රමාණවත් ලංගම බස් රථ අද (18) දින යොදවා නොතිබු බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවසුවා.

හැටන් දුම්රිය ස්ථානයට මගී ප්‍රවාහන දුම්රියන් පැමිණෙන වේලාවන් වල හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් සිට නල්ලතන්නිය දක්වා දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිමට බස් රථ එක් කිරිමට නියමිතව තිබුණද අද (18) දින දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන්ට බස් රථ යොදවා නොතිබුණු බවයි දුම්රිය ස්ථාන නිලධාරින් කියා සිටියේ.

මේ අතර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ විමත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියා.

හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන්ට සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුකුලව ශ්‍රි පාදය කරුණා කිරිම සදහා මුඛ ආවරණ බෙදා දිමේ වැඩසටහනක් නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරය අසලදි සිදු කරණු ලැබුවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(1 Vote)
Last modified on Saturday, 18 December 2021 16:22