March 28, 2024

ඔන්ලයින් බිස්නස් සඳහා නව නීති මාලාවක්

December 16, 2021

අන්තර්ජාලය ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කිරීමේ දී පවතින වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ඒ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමවේද ඔස්සේ  වෙළදාම් කටයුතු සිදු කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ වෙළද ආයතන කිහිපයක නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අන්තර්ජාලය හරහා වෙළදාම් කටයුතු සිදු කිරීමේ දී තමන් මුහුණ දෙන ගැටළු හා ඒ සදහා ශක්තිමත් නීති රාමුවක් පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව එම නියෝජිතයින් මෙහි දී අදහස් පළ කොට තිබෙනවා.

මෙහි දී අවධාරණය වී ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරික ආයතනයන් මෙන්ම පාරිභෝගිකයින් යන දෙපාර්ශවයගේම අයිතීන් සුරක්ෂිත වන අයුරින් නව නීති හදුන්වා දීමේ වැදගත්කම පිළිබඳව යි.

එමෙන්ම මෙම කරුණු සම්බන්ධයෙන් නව නීති හදුන්වා දීම හා සංශෝධනය කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ සඳහා මේ වන විටත් සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අවධානයට යොමු වූ බව සඳහන්.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරුන් ප්‍රකාශ කොට ඇත්තේ ඔන්ලයින් වෙළඳාමට සෘජුවම සම්බන්ධ වන ආයතන හා පාරිභෝගිකයන්ගේ අදහස් විමසා අදාළ නීති රාමුව සකස් කිරීම වැදගත් බව යි.

එමෙන්ම වාණිජ නීති පද්ධතිය සමාලෝචනයට පත් කොට ඇති කමිටුව හා ඔන්ලයින් වෙළදාම් කටයුතු සිදු කරනු ලබන නියෝජිත ආයතන සමග මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කර නීති රාමුව ශක්තිමත් ලෙස සකස් විය යුතු බව ද අදාළ අමාත්‍යවරුන්  පෙන්වා දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 15:52