April 24, 2024

කොවිඩ් නීතියෙන් මත්පැන් තහනම ඉවතට

December 16, 2021

කොවිඩ් වසංගතය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල වෙනස්කමක් සිදුකර තිබෙනවා. නව මාර්ගෝපදේශ මාලාව අද සිට ලබන දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙනවා.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ අදාළ උත්සව ශාලාවේ පවතින ධාරිතාවෙන් සීයයට 50කට පමණයි.

එමෙන්ම විවාහ මංගල උත්සව සඳහා මිට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබු අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ඉවත් කර තිබෙනවා.

එසේම සිනමා ශාලාවලට සියයට හැත්තෑපහක ආසන ධාරිතාවකින් යුතුව පිරිස කැඳවිය හැකියි.

අවමංග්‍යය උත්සවයක් සඳහා සහභාගිවිය හැකියාව මිට පෙර නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ වල 20 දෙනෙකු ලෙස සටහන්ව තිබු අතර එය නව මාර්ගෝපදේශ අනුව 30 දෙනෙකු දක්වා වැඩි කිරීමට අවසර ලබාදී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 13:35