April 24, 2024

චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න නීතිපතිගෙන් උපදෙස්

December 14, 2021

නීතිපතිවරයාගේ උපදෙස් මත චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව පොහොර තොගය ප්‍රති නිෂ්පාදනය කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර තොගයක් රැගෙන පැමිණීම හේතුවෙන් අදාළ නෞකාවේ තිබූ පොහොර තොගය මෙරටට ලබා ගැනීම ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ අනුව බොහෝ කාලයක් දිවයින වටා මුහුදේ සැරි සරමින් තිබූ අදාළ නෞකාව බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමින් පසුගිය 4 වැනිදා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියා.

එලෙස පිට ව යන බවට තමා දැනුවත් කර ඇති බව ද පසුගිය 8 වන දා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඉන් අනතුරුවයි නීතිපති උපදෙස් මත අදාළ නෞකාව අයත් සමාගමට මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර ඇත්තේ.

Rate this item
(0 votes)