March 29, 2024

අර්ජුනගෙන් පසු නවීනුත් යයිද? නවීන් ශේප් කරගන්න රනිල් ෆුල් ට්‍රයි

December 14, 2021

එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු වලට සක්‍රීය දායකත්වයක් නොදක්වන නවීන් දිසානායක මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ එම පක්ෂයේ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතාගේ මංගල්‍යයේදී.

රනිල්ගේ ඉල්ලීම

එ.ජා.පයේ හිටපු ජාතික සංවිධායක සංවිධායකවරයාද වන දිසානායක මහතා මහතා පුද්ගලිකව මුණ ගැසිය යුතු බව එහිදී වික්‍රමසිංහ මහතා දිසානායක මහතා අමතා සඳහන් කර ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට නවීන් දිසානායක මහතාද කැමැත්ත පළ කර තිබෙනවා.

එහිදී වික්‍රමසිංහ මහතා දිසානායක මහතාට තවත් ආරාධනාවක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සභාපතිගේ රැස්වීම

එම මංගල උත්සවයෙන් පසුව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ නිවසේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන ලෙසටයි.

එම ආරාධනාව ඒ අවස්ථාවේ දිසානායක මහතා පිළිගත්තද ඔහු එම රැස්වීම මඟහැර ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

නවීන් දිසානායක මහතා එ.ජා.පය හැරගිය අර්ජුන රණතුංග මහතා සමඟ ඉතා කිට්ටු සබඳතාවයක් පවත්වන බව ප්‍රකට කරුණක්.

එ.ජා.පය  යළි ගොඩනැගීමට නම් පක්ෂනායක වික්‍රමසිංහ මහතා පියවරක් පිටිපස්සට තැබිය යුතු බව දිසානායක මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 12:30

Related items