April 24, 2024

ජනපති හා රනිල් සාකච්ඡාවක: මාතෘකාව විදේශ සංචිත

December 14, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

ඒ අබු ඩුබායිහිදී.

දෙපලම සමුළුවට

සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනපතිවරයාද එහි ගියා.

ජනපතිවරයා සමග එම ගමනට විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගි වුණා.

එම සමුළුවට සහභාගිවීම සඳහා හිටපු අග්‍රාමාත්‍යවරයෙකුද වූ රනිල් වික්‍රමසිංහ මහතාටත් ආරාධනාවක් ලැබුණු අතර ඔහු ඊට සහභාගි වූවා.

දිවා භෝජන සංග්‍රහය

එහිදී ජනපතිවරයා හා වික්‍රමසිංහ මහතා වෙන වෙනම හෝටල්වල සිටියත් සමුළුවේදී මුණගැසී තිබෙනවා.

එහි දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ ජනපතිවරයාත් වික්‍රමසිංහ මහතාත් එකම මේසයක තනිව අසුන්ගෙන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

එහිදී විශේෂයෙන්ම විදේශ සංචිත හිඟය ගැන සාකච්ඡා කර තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සාකච්ඡාව ඉදිරියට

ශ්‍රී ලංකාවේ දී මුණ ගැහී මේ සම්බන්ධයෙන් තව දුරටත් කතා කරමු යැයි ජනපතිවරයා එහිදී වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

එහිදී දෙපළ වත්මන් දේශපාලනය ගැන කිසිවක් කතා නොකළ බවත් ප්‍රකාශ වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 11:00

Related items