April 19, 2024

ප්‍රසිද්ධ වාහන සේවා ආයතනයක මුදල් වංචා කළ අයෙක් CID අත්අඩංගුවට

December 13, 2021

පැපිලියාන ප්‍රදේශයේ පිහිටි වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක ශාඛා දෙකක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් එම ශාඛා දෙක සතු රුපියල් කෝටි දහතුනකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔටෝ මිරාජ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ N. චන්ද්‍රමෝහන් සහ ඔහුගේ බිරිඳ සියුලින් කාවෝ යන අය විසින් ආසන්න වශයෙන් මිලියන 300 - 400ක් අතර වංචාවක් සිදු කර ඇතැයි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පැවසුවා.

මේ සම්බන්ධයෙන් වාණිජ මහාධිකරණයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර නඩු විභාගයක්ද පැවැත්වෙනවා. නඩු අංක B3126/20 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවත්වාගෙන යයි.

දින ගණනාවක කළ මෙහෙයුමකින් පසු මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(7 votes)