March 29, 2024

පිස්තෝලයක් අරන් සාප්පු සවාරි ගිහින්! සැකකරු පොලීසියට අපූරු පිළිතුරක් දීලා

December 13, 2021

බලපත‍්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සගවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (12) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසනවා.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිනි හැඩිදැඩි පුද්ගලයෙකු ඉනෙහි ගිනිඅවියක් ද තබාගෙන පාදුක්ක නගරයේ සැරිසරන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පාදුක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළදාරීන් ගොස් අදාල පුද්ගලයා පරීක්ෂා කිරීමේදී සැකකරුගේ ඉනෙහි තිබූ වායු පිස්තෝලය හමු වූ බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

අදාල සැකකරු නවසීලන්තයේ සිට මාස දෙකකට පෙර දී මෙරටට පැමිණ ඇති බවත් එම රටේදී මිලදී ගත් වායු පිස්තෝලය මෙරටට රැගෙන ආ භාණ්ඩ තොගය සමගින් රැගෙන ආ බවත් මෙලෙස වායු පිස්තෝලයක් ලග තබා ගැනිම නවසීලන්තයේ වරදක් නොවන බැවින් මෙලෙස එය රැගෙන පාදුක්ක නගරයේ භාන්ඩ මිලදී ගැනීම සදහා පැමිනි බවත් සැකකරුගෙන් කල ප‍්‍රශ්න කිරීමේදී සැකකරු පැවසූ බවද පොලීසිය සඳහන් කළා.

කෙසේ වුවද මෙම ගිනි අවිය මාරාන්තික තුවාල සිදුකල හැකි අවියක් වන බවත් මෙරට දී බලපත‍්‍ර නොමැතිව ලග තබා ගත නොහැකි බවත් පොලිසිය පෙන්වා දී තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු පාදුක්ක මීපේ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර සැකකරුගේ බිරිඳ නීතිඥවරියක් බවයි වාර්තා වන්නේ.

සැකකරු හා වායු පිස්තෝලය හා එයට යොදන උණ්ඩ සමගින් අද (13) දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු සන්තකයේ තිබූ පිස්තෝලය

මීගොඩ - බුද්ධික කුමාරසිරි

Rate this item
(0 votes)

Related items