March 29, 2024

රට දරුණු තත්තවයකට - ලබන වසරේ සිදුවන දේ ගැන මන්ත්‍රීගෙන් අනාවැකියක්

December 13, 2021

2022 වසරේ අප්‍රේල් මස වනවිට රටට අත්වන ඉරණම ගැන පුර්ණ අනාවැකි දැන් ඉදිරිපත් වී ඇති බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

රට පත්වන එම අවධානම් තත්ත්වයට රටේ මේ පාලකයන් සම්පුර්ණයෙන්ම වගකියයුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. 

වලපනේ ආසනයේ සමගි ජන බලවේගයේ ගොවිබල මණ්ඩල කමිටු පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා ඊයේ (12) මේ බව ප්‍රකාශ කළා. 

එහිදී තවදුරටත් අදහස් දක්වමින් නලීන් බණ්ඩාර මහතා මෙසේද කියා සිටියා,

"අද වනවිට අනාවැකි ඉදිරිපත් වෙලා තියෙනවා 2022 වනවිට රට තුල ආහාර හිගයක් ඇති වෙනවා කියලා. හාල් කිලෝව රුපියල් තුන් හාරසියයට යයි. එළවළු හිගවේවී. අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිගවෙයි. පරිප්පු ටික ගේන්න, පොහොර ටික ගේන්න ඩොලර් නැතිවේවී. දුර්භික්ෂයකට රට පත්වෙන අවදානමකට මේ වැරදි පාලකයෝ ඇද දමලා තිබෙනවා.

කාබණික වගාවට අපි විරුද්ධ නැහැ. ඔබතුමන්ලත් ඒකට විරුද්ධ නැහැ. සෞභාග්‍ය දැක්මේ කාබණික වගාව ගැන කියලා තියෙන්නේ වසර 10 කින් කාබණික වගාව සදහා යොමු වනවා කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතා යල කන්නයෙන් මහ කන්නයට එන කොට මෙන්න එක පාරටම කාබණික වගාවට යනවා කියලා රසායණික පොහොර නතර කලා. කෘමි නාශක, දිලීර නාශක නතර කලා. දැන් මොකද වෙලා තියෙන්නේ ගොවීන් ටික පාරට බැස්සා. සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන බලවේග පාරට බැස්සා. අන්තිම මොහොතේ අනෙකුත් ගැසට් වගේ මේ ගැසට් එකත් රිවස් කලා. හැබැයි රිවස් කරාට පොහොර හා කෘෂි රසායණික ද්‍රව්‍ය ආනයනය කරන සමාගම්වලට අවශ්‍ය නයිතික පසුබිම මේ දක්වා හැදිලා නැහැ. තාම පොහොර ලේකම් කාර්යාලයේ රේජිස්ට්‍රාර්වරයෙක් නැහැ.

බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිණත් බොන්නේ සිලෝන් ටී. දැන් එතුමියට වකුගඩු අමාරු ආවද සිලෝන් ටී බීලා. නැහැනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට පිස්සු කියලා අපි කියන්නේ නිකන්ද. තේ වගාවට ඒ කරනු වැරද්ද නිසා අපේ අපනයන ආර්ථිකයත් අද කඩා වැටිලා තියෙන්නේ.ගෝඨාභය එක්ක ඉන්න මේ විකෘති මානසිකත්වයක් තියෙන උපදේශකයෝ ටිකයි, කේවට්ටයෝ ටිකගෙන් උපදෙස් අරගෙන තමයි මේ තත්ත්වයට අද රට පත්වෙලා තියෙන්නේ."

Rate this item
(0 votes)