April 19, 2024

ඇමති සී.බී ට කැලෑ සත්තු එපා වෙයි : වෙන එකක් ඉල්ලන්නයි ලෑස්තිය

December 13, 2021

වන ජීවි අමාත්‍ය සී.බී. රත්නායක මහතා පරිසර අමාත්‍යාංශය ජනපතිවරයාගෙන් ඉල්ලීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබෙනවා.

ඒ ඔහු දැනට දරන වන ජීවී අමාත්‍ය ධුරය පිළිබඳව තිබෙන නොසතුට නිසා.

අය වැයේදී කියු කතා

ඒ බව රත්නායක මහතා අය - වැය විවාදයේදී විවෘතවම කිව්වා.

"වනජීවියේ ලියුම්වලට අත්සන් කරන්නයි. උත්තර දෙන්නයි පමණක් මේ ඇමති ධුරය වැඩක් නැහැ."

සී.බී.රත්නායක ඇමතිවරයා කියන්නේ ඔය කතාව.

පරිසර විෂය

මේ වන විට පරිසර අමාත්‍යාංශය ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට.

එම පක්ෂයේ ඒ ඇමති ධුරය සඳහා පත්කර තිබෙන්නේ මහින්ද අමරවීර මහතාවයි.

සී.බී.රත්නායක මහතාගේ මේ ඇමති හුවමාරුව පිළිබඳ ඉල්ලීමට අමරවීර මහතා තවමත් පිළිතුරු දී නැහැ.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 December 2021 00:42