April 25, 2024

හම්බන්තොට වරායට සුපිරි ජීප් රිය ගෙන්වූ බලවතුන් මෙන්න

December 11, 2021

රුපියල් කෝටි 6 ක් පමණ වන වටිනා ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 (Land Cruiser 300 ZX) අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන බව අප මීට පෙර වාර්තා කළා.

ඒ පිළිබඳ සොයා බැලීමකදී අපට වාර්තා වුණේ එම සුපිරි ජීප් රිය ගෙන්වා ඇත්තේ මෙරට තානාපති සේවයට බවයි.

ඒ අනුව මෙම මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කල බවයි හම්බන්තොට වරායේ නිලධාරීයෙක් පැවසුවේ.

රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවද ඔහු සඳහන් කළා. 

මෙම මෝටර් රථය වෙනත් පුද්ගලයෙක් ආනයනය කළ එකක් නොවන බව ද එම නිලධාරීයා වැඩි දුරටත් සඳහන් කළා.

එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවයි ආරංචි මාර්ග පැවසූවේ.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වෙනවා.

ආනයන තහනම නොතකා කෝටි 6ක සුපිරි වාහනයක් හම්බන්තොට වරායට ගෙන්වූ බලවතා කවුද? (PHOTOS)

Rate this item
(0 votes)