March 28, 2024

ඇමති රත්තරන්ට මහාචාර්ය පදවියක්

December 11, 2021

ඊයේ (10) අය - වැය විවාදයේ විපක්ෂයේ පාර්ශවයෙන් අවසන් කතාව කළේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා.

සමගි ජන බලවේගය නියෝජනය කරන ඔහු අය - වැය විවාදයේ අවසන් දිනය වූ ඊයේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවද ප්‍රකාශයට පත් කළා.

විශේෂණ පදය

ඒ එම නම් ඉදිරියට විශේෂණ පදයක්ද එකතු කරමින්.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා කළ මහින්දානන්ද අලුත්ගමගේ , රෝහිත අබේගුණවර්ධන , ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරුන්ගේ නම් ඉදිරියට මහාචාර්ය කෑල්ලක්ද ඔහු එකතු කළා.

එහිදී ඔහු එම අමාත්‍යවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳවද ප්‍රකාශ කළා.

ඇමතිගේ ප්‍රතිචාරය

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඒ ආකාරයට නම් සඳහන් කරමින් සභාව අමතද්දී එසේ නම් කළ ඇමතිවරුන් අතරින් සභාවේ සිටියේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා පමණයි.

ඔහු තමාව මහාචාර්යවරයකු ලෙස හැඳින්වීම පිළිබඳව ප්‍රතිචාර දැක්වූවා.

තමා මහාචාර්යවරයකු නොවන බව ඇමතිවරයා සඳහන් කළේ තමාව මහාචාර්යවරයෙකු ලෙස හඳුන්වන මන්ත්‍රීවරයාට තිබෙන කසිප්පු උපාධිය පිළිබඳවද මතක් කරමින්.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සිය සගයින් විමසුවේ "ආ මොකක්ද උපාධිය රත්තරන් මාල කැඩිල්ලද" කියායි.

ඊට යළිත් ප්‍රතිචාර දැක්වීමට අභය ගුණවර්ධන අමාත්‍යවරයා කීපවිටක් ස්ථාවර නියෝග යටතේ උත්සාහ කළද ඊට කථානායකවරයාගෙන් අවස්ථාවක් ලැබුණේ නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 11 December 2021 10:22