April 20, 2024

"වෙල්ඩන් සර්" - හැට පැන්න පවිත්‍රා බැසිල්ට සුභ පැතූ හැටි

December 11, 2021

ඊයේ (10) 2022 අය - වැය විවාදය අවසන් කතාව කළේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා.

ඇමතිවරයාගේ කතාව අවසන් වීමත් සමගම ආණ්ඩු පක්ෂයෙන් නැඟුණේ ඔල්වරසන් හඬක්.

කාන්තා කටහඬ

ඒ සමගම "වෙල්ඩන් සර්" යයි සඳහන් කරමින් ඇමතිවරයාට සුබ පැතූ ගොරහැඬි කාන්තා කට හඬක් ඇසුණා.

එසේ සුභ පැතුම් ඇමතිවරයා අසලම අසුන් ගෙන සිටින 60 විය ඉක්මවූ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියයි.

දැඩි කලකිරීම පසෙකට

සිය සෞඛ්‍ය අමාත්‍යාංශය විෂය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමතිවරිය හිටියේ දැඩි කලකිරීමකින්.

මේ වන විට වගකීම දරන ප්‍රවාහන විෂය සම්බන්ධයෙන් මාධ්‍ය නගන ප්‍රශ්න වලට පවා පිලිතුරු දීම ඇමතිවරිය පසුගිය දිනවල ප්‍රතික්ෂේප කරා.

එහෙත් මුදල් අමාත්‍යවරයාගේ කතාවට සුභ පැතු අයුරින් පෙනී යන්නේ මේ වන විට වන්නිආරච්චි ඇමතිවරියගේ කලකිරීම පහව ගොස් ඇති අයුරුයි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 11 December 2021 10:10