April 24, 2024

අවසර දුන්නත් රසායනික පොහොර නෑ - හේතුව මෙන්න Featured

December 11, 2021

රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබුණ ද මෙතෙක් අදාළ සමාගම් විසින් ඒ සඳහා ඉල්ලීම් කර නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් මස 30 වනදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඊට අදාළව රසායනික පොහොර ආනයනය කිරීමට සමාගම්වලට අවසර හිමි වුවද මේ දක්වාත් ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා.

පොහොර ආනයනය කරන සමාගම් විසින් ණයවර ලිපි නැවත විවෘතකිරීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම් කරනු ඇති බව සඳහන්.

අනතුරුව අදාළ ඉල්ලීම් පිළිබඳව සලකාබලා ඔවුන්ට පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙන අතර එහිදී යම් යම් සීමාවන් පැනවීම සම්බන්ධයෙන් ද සලකාබැලීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවා.

Rate this item
(0 votes)