April 19, 2024

මෙරට හමුදා නිලධාරීන් දෙනෙකුට එරෙහිව අමෙරිකාවෙන් තහනමක්

December 11, 2021

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනම් පනවා තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි. ජේ. බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි. ජේ. බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායක වෙත මෙම සංචාරක තහනම් පැනවීම සිදුකරන බවය.

2008-2009 කාලසීමාවේදී ත්‍රිකුණාමලයේදි සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි වෙත සහ 2000 වසරේදී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යුධ හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට සීමා පනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අමෙරිකාව විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව එම පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Rate this item
(0 votes)