March 29, 2024

ලෝක මානව හිමිකම් දිනය අදයි

December 10, 2021

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ලෝක මානව හිමිකම් දිනය අදට යෙදී තිබෙනවා.

2021 වසරේ ලෝක මානව හිමිකම් දින තේමාව වී ඇත්තේ සමානාත්මතාව, අසමානතාව අවම කිරීම හා මානව හිමිකම් ඉදිරියට ගෙන යාමයි. 

ඒ අනුව මේ වසරේ මානව හිමිකම් දින තේමාව යටතේ පළමුව ගැනෙන 'සමානාත්මතාව' හරහා නිර්වචනය කෙරෙන්නේ - "සියලු මනුෂ්‍යයින් නිදහසේ  උපත ලබා ඇති අතර, ගෞරවයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වේ."යන්නයි.

සමානාත්මතාව සහ වෙනස්කම් නො කිරීමේ මූලධර්ම මානව හිමිකම් සුරැකීමේ හදවත ලෙස සැලකෙනවා.

කාන්තාවන් සහ ගැහැණු ළමයින්, ආදිවාසීන්, අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයින්, සමරිසි පුද්ගලයින්, සංක්‍රමණිකයින් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු සමාජයන් හි වඩාත් ම මානව හිමිකම් උල්ලංඝනය වීමේ  අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට බලපා ඇති ගැඹුරින් මුල් බැසගත් වෙනස්කම් සහමුලින් නැති කිරීම් හෝ උපරිමයෙන් පාලනය කිරීම සඳහා ආමන්ත්‍රණය කිරීම සහ විසඳුම් සෙවීම මේ වසරේ ලෝක මානව හිමිකම් දින මූලික තේමාවට ඇතුළත් වනවා.

මේ අතර උතූරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා ජාත්‍යන්තර මානව හිම්කමිදිනය නිම්ත්තෙන් පණිවිඩය නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

ඕනෑම රාජ්‍යයක තිබෙන ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට හිමිව ඇති අයිතිවාසිකම්, යුතූකමි හා වගකීම් ඉටු කිරීමට බැඳී සිටින අතර එකී පොරොන්දු ඉටු කරන්නේ රාජ්‍ය සේවය මගිනි.

රාජ්‍ය සේවය එකී යුතුකම් හා වගකීම් පැහැර හරින්නේ නම්, එය ව්‍යවස්ථාවට පටහැනි වේ. පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට මෙන්ම ආහාර හිගයකින් තොරව, බියෙන් තොරව ජීවත් වීම, පුරවැසි අයිතීන් වන අතර, රාජ්‍ය සේවකයින් මෙී සඳහා කැපවිය යුතූය.

පවතින නීතිය තුල ක්‍රියාත්මක වීමට පුරවැසියන් හටද වගකීමක් හා අයිතියක් තිබෙනවා.

නව පියවරයන් ලෙස, උතුරේ නව නිර්මාණකරුවන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක්, ගෘහස්ථ කාන්තාවන් තුලින් ගොඩනැගෙන උතුරේ නව දිශාන්තිය, ශ්‍රී ලංකාව සවිමත් කරන උතූරේ කෘෂි හා ධීවර කර්මාන්තය, රජයෙන් ගොඩනැගෙන කුඩා කර්මාන්තරුවන්ගේ ජීවන රිද්මය, පිරිසිදු පානීය ජලය පානය කිරීමෙන් නිරෝගී පරපුරක් බිහි කිරීම, දරුවන් සඳහා අධ්‍යාපනය අත්‍යාවශ්‍ය කාරණයක් වන අතර ඔවුන් පාසලෙන් ඉවත් වූ පසු එක් එක් වෘත්තීය මටිටමින් ඉදිරියට යාමට ගැලපෙන පරිදි වෘත්තීමය පුහුණු ලබා දීම අරමුණු කර ඇත." යන්නයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 December 2021 12:17