March 29, 2024

ඇමැති බැසිල් මන්ත්‍රී කණ්ඩායමක් රැස් කරයි - අයවැයෙන් රටපුරා වැඩ කරන හැටි කියයි

December 09, 2021

ඊයේ (08) පාර්ලිමේන්තුවේදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී අයවැය ප්‍රතිපාදන යටතේ රට පුරා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා මාලාවේ තවත් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පවත්වා තිබෙන අතර එම වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවශ්‍ය අදහස් යෝජනා ලබා ගෙන තිබෙනවා.

ප්‍රායෝගිකව කළ හැකි ඵලදායි යෝජනා පිළිබඳ එහිදී දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 December 2021 16:33