April 24, 2024

කචල් ගැන හොයන්න කතානායකගෙන් කමිටුවක් : මූලිකත්වය නියෝජ්‍ය කතානායකට

December 08, 2021

ඉකුත් 3 හා 4 පාර්ලිමේන්තුව තුළ ඇතිවූ තත්ත්වයන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සදහා කතානායකවරයා අද (8) විශේෂ කමිටුවක් පත් කළා.

ඒ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

එකොලහෙ කමිටුව

කමිටුවේ සාමාජිකයන් පිරිස 10ක් වනවා.

ඒ කමිටුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශව නියෝජනය වන අයුරින් නියෝජිතයින් නම් කර තිබෙනවා.

එම කමිටුවට පැවරෙන වගකීමද කතානායකවරයා පෙන්වා දුන්නා.

කමිටුවට පැවරෙන වගකීම

ඒ ඉකුත් 3 හා 4 පාර්ලිමේන්තුවේ සිදු වූ සිද්ධීන් ගැන සොයා බලා ඒවාට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්නත් ඉදිරියේදී මෙවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු පියවර කවරේද යන්නත් නිර්දේශ කිරිම.

චමල් රාජපක්ෂ , අනුර ප්‍රියදර්ශන යාපා , සුසිල් ප්‍රේම ජයන්ත , බන්දුල ගුණවර්ධන , වාසුදේව නානයක්කාර , රවුෆ් හකීම් , ගයන්ත කරුණාතිලක , රංජිත් මද්දුමබණ්ඩාර , විජිත හේරත් හා එම්.ඒ.සුමන්දිරන් මහතා යන මන්ත්‍රීවරුන් එම කමිටුවට ඇතුළත්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 10:14

Related items