March 28, 2024

සමගි ජන බලවේග වර්ජනය අවසන් : පාර්ලිමේන්තුවට වාර්තා කරයි

December 08, 2021

සමගි ජන බලවේග වර්ජනය අවසන් කොට අද (8) පාර්ලිමේන්තුවට වාර්තා කලා.

ඉකුත් 6 හා 7 යන දෙදිනම සමගි ජන බලවේග මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය කළා.

වර්ජනයේ ආරම්භය

එම වර්ජනය ආරම්භ කළේ ඉකුත් 4 වැනි දින.

ඒ සමගි ජන බලවේග මනුෂ නානයක්කාර මහතාට විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් පහර දීමට තැත් කළ බවට චෝදනා කරමින්.

සිය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික වන තුරු නැවත පාර්ලිමේන්තුවට නොයන බව සමගි ජන බලවේගය දැනුම් දුන්නා.

විරෝධතා පැවැත්වීම

ඉන් පසුව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ පිටත එම පරිශ්‍රය තුළ නිහඬ විරෝධතාවයක්ද දැක්වූවා.

මේ සිදුවීම් සම්බන්ධයෙන් හා මින් මතුවට එවැනි සිදුවීම් සිදු නොවීම සඳහා ක්‍රියාපටිපාටියක් සෑදීම සඳහා නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන කමිටුවක් කතානායකවරයා අද (8) නම් කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 December 2021 13:01