April 18, 2024

"ආණ්ඩුව ගත්ත දවසේ ඉඳන්ම ප්‍රශ්න" - ඇමති චමලුත් කලකිරීමෙන්

December 07, 2021

හෝමාගම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය නව සේවා පරිශ්‍රය වෙත ගෙන ගෙනයාම සහ සහ මාර්ගගත ක්‍රමයෙන් පත්ඉරු හා ඔප්පු පිටපත් ලබා දීමේ සමාරම්භක උත්සවය අද (07) කොට්ටාව නව ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ දී පැවැත්වුණා.

මෙම උත්සවය සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී.වීරසේකර මහතා සහභාගි වුණා.

නව කාර්යාලය විවෘත කිරීම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරුණ අතර පතුඉරු හා ඔප්පු පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාදීම එතුමා අතින් ආරම්භ කිරීම සිදු කෙරුණා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දැක්වුවා.

“ජනතාවට තිබෙන ප්‍රශ්න සාකච්ඡා කරල කඩිනමින් විසඳන්න රජයෙන් දිය යුතු හයිය ද ලබාදෙන්න කටයුතු කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාප්ත කරන්න අපි තීරණය කළා. ජනතාවට සේවාව කරගන්න ගියාම ඇතිවෙන ප්‍රමාදය ජනතාව කලකිරිලා බැන බැන යනවා අපිට පුළුවන් වෙන්න ඕන කඩිනමින් සේවාව සපයන්න. ඒ නිසා තමයි මෙවැනි මාර්ගත ක්‍රමයන් ආරම්භ කරන්න.”

“රෙජිස්ට්‍රාර් කාර්යාල වලින් රජයට සපයලා දෙන මුදල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. විශාල මුදලක් අවුරුද්දකට රජයට ලබා දෙනවා. ඒකෙන් සොච්චමත් තමුන්නාන්සේලා වෙනුවෙන් ලබාදීම බොහොම සාධාරණයි. ක්‍රමවේදයක් හදනවා  ඒ කොටසෙන් යම් මුදලක් වැඩකරන අයගේ සුභසාධනය සඳහා ලබා දෙන්න. මේ දවස් වල බණ්ඩක්කා කරල් වම්බටු කරල් වල ගනන් එක එක උස්සලා පෙන්නනවා. ඇත්ත වශයෙන් ම ජීවන වියදමත් එක්ක එක පඩියකින් යන්න අමාරුයි. රජය ආරම්භ කරපු දවසේ ඉඳලම ප්‍රශ්න. අපි විශාල මුදලක් මිලියන 135 කට වගේ මුදලක් වියදම් කරලා තියෙනවා එන්නත් ලබා දෙන්න.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 17:21