April 20, 2024

ඇමතිගේ පිළිතුර ප්‍රශ්නය අහපු විපක්ෂ මන්ත්‍රී අතේ : ජොනී කියපු පුදුම කතාව

December 07, 2021

පාර්ලිමේන්තු කටයුතු පිලිබද අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු මෙන්ම ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැත්වුණා.

එය සංවිධානය කර තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය බැවින් එහි මුලසුනය හෙබවූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා.

ඇමතිගෙ පිළිතුර මන්ත්‍රී අතේ

එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අපූරු සිද්ධියක් පිරිස අමතා සඳහන් කළා.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු අමාත්‍යවරයෙකුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුර අමාත්‍යවරයා ඉදිරිපත් කරද්දී ඒ පිළිතුර සහිත කොළය ප්‍රශ්නය ඇසූ විපක්ෂයේ මන්ත්‍රීවරයා අතේද තිබු බවයි අමාත්‍යවරයා අනාවරණය කළේ.

විපක්ෂයේ පැත්තේ අසුන් ගෙන සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් එහි ඡායාරූපයක් ගෙන තමන්ට වට්ස් අප් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බිරිඳගේ මුහුණු පොත

ඒ ගැන සෙවීම සඳහා පිළිතුර හැදූ නිලධාරියා ගෙන්වා කතා කළ බවත් එහිදී හෙළිදරව් වූ කරුණු මත එම නිලධාරියාගේ බිරිඳගේ මුහුණු පොත පරික්ෂා කළ බවත් සඳහන් කළ අමාත්‍යවරයා එහි රාජපක්ෂලා පතුරු ගසා තිබූ බව පෙන්වා දුන්නා.

එහිදී සිදු වූ දේ තමන්ට වැටහී ගිය බව අමාත්‍යවරයා සඳහන් කළේ රැස්ව සිටි නිලධාරීන්ට උපදෙසක්ද ලබාදෙමින්.

මේ දවස් වල විපක්ෂයේ මන්ත්‍රීවරු දුරකථනයෙන් කතා කළොත් "හලෝ බායි හායි කියලා තියන්න" යයි එම උපදෙස වූවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 09:49

Related items