April 25, 2024

විදුලි කප්පාදුවට අද සිට වෙන දේ

December 07, 2021

විදුලි සැපයුම අද (8) සිට අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

දිවයින පුරා ඉකුත් 3 වැනිදා විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටිණි.

එය යථා තත්ත්වයට පත්කරන තෙක් ‍ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කිරීමට එම මණ්ඩලය තීරණය කර තිබිණි.

ඒ අනුව දිනපතා පස්වරු 6.00ත් 9.00ත් අතර කාලයේදී අවම වශයෙන් පැයක කාලයක් විදුලිය කප්පාදුවක් ඇතැම් ප්‍රදේශවල සිදුවිය.

එය අදින් පසු නවත්වා සාමාන්‍ය පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. 

Rate this item
(1 Vote)