April 20, 2024

ඇමති ජොන්ස්ටන්ගෙනුත් කතානායකට චෝදනාවක් (VIDEO)

December 06, 2021

පාර්ලිමේන්තු විවාදය පැවති අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කථානායකවරයාට චෝදනාවක් එල්ල කළා.

එහිදී අමාත්‍යවරයා කතානායකවරයාට සඳහන් කලේ "මම ඔබතුමා චෝදනා කරන්නේ ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලයි. ඔබතුමා හරියට බැලුවොත් ඔබතුමා පත්වෙච්ච දවසේ ඉඳලා වැඩියෙන්ම පොයින්ට් ඔෆ් ඕඩර් දීලා තියෙන්නේ විපක්ෂයට. වැඩියෙන්ම කතා කරන්න දීලා තියෙන විපක්ෂයට." යනුවෙනුයි.

එහිදී පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ,

"ගරු කථානායකතුමනි මම මතක් කරනවා මේ වෙලාවෙදි, අපි දකිනවා විපක්ෂය තමන්ගේ මන්ත්‍රීවරයා කරපු වරද වහගන්න හදනවා. ඒ වගේම අපි දකිනවා සමගි ජන බලවේගය නැති වෙලාවෙදි අනුර දිසානායක මහත්තය කරපු කතාවේදී කවුරුත් ඔහුට පහර දෙන්න කවදාවත් හැදුවේ නෑ. එතුමා ඇතිවෙන්න කතාව කරනවා. අපි ඒවා අහගෙන ඉන්නවා. එතුමා අපිටත් පහරදෙනවා, නඩු දිනපුවා ගැනත් තියෙන ඒ නඩු ගැනත් කියනවා. හැබැයි ඔබතුමාට අපි කවදාවත් මොකුත් කියලා නැහැ. ඇත්තටම ඔබතුමාගේ කතාවේදී කතානායකතුමාටත් තර්ජනය කරපු ඒක ගැන කතා කරා නම් කතාව සාධාරණයි. එහෙම කතා නොකරපු එක ගැන මම කණගාටුව ප්‍රකාශ කරනවා. ඔබතුමා හිටියේ නැද්ද මම දන්නේ නැහැ. හැබැයි මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමාට වෙච්ච වෙලාවෙදී කියලා මම දන්නේ නැහැ. ඔබතුමා කිව්වා නම් කථානායකතුමාට සතෙකුගේ නමක් කියලා ගහන්න ගිය එක වැරදියි කියලා කිව්වා නම් ඔබතුමා සාධාරණ දේශපාලනඥයෙක් හැටියට මම දකිනවා. එහෙම වුණේ නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා. අපි ඉතිහාසය දැකලා තියෙනවා. කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ලා මන්ත්‍රීවරුන්ව ඇනලා මරන්න හදපු යුගයක් තිබුණා. ඒ ආවේ සභාගර්භය හරහා කථානායකතුමාගේ පුටුව පිටිපස්සට ඇවිල්ලා ඒ ප්‍රශ්නෙ වුණේ. හැබැයි එදා කවුරුත් කිව්වේ නැහැ ඒ පිහි ගෙනාපු එක වැරදියි කියලා. ඊලඟට ඒකට පරීක්ෂණයක් ගියා පුටුවලින් ගහගත්තා, පොත්වලින් ගහගත්තා, මිරිස්කුඩු ද ඔය ඔක්කොම සිද්ධ වුණා ඉතිහාසයේ. අන්තිමට හිටපු කථානායකතුමා සහ හිටපු ආණ්ඩුව එදා බැලුවේ මන්ත්‍රීවරුන් හිරේ දාන්න. ඒ නිසා පලවෙනි වතාවට අපරාධ කොට්ඨාසයට ගිහිල්ලා පැමිණිලි කරලා, රාජගිරිය පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරලා, එදා කටයුතු කරන්න බැලුවා, ඔවුන් කටයුතු කෙරුවා. ඔවුන් කිව්වා අනිවාර්යෙන්ම දඬුවම් කරනවා අපරාධ නීති යටතේ කියලා. හැබැයි සිද්ධ වුණේ ඒ පරීක්ෂණ මගින් නතර කරපු එකයි. දිනේෂ් ගුණවර්ධන අපේ සභානායකතුමා කියපු විදියට කථානායකතුමාගේ ලේකම් පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතුලෙ ඉඳල තියනවා. ඒ සීසීටීවී කැමරා ටික පරීක්ෂණ කරද්දී කරු ජයසූරිය කථානායකතුමාගේ ලේකම් පාර්ලිමේන්තු සභාගර්භයේ ඉදලා තියෙනවා."

"අපි දැක්කා ඉතිහාසේ වෙච්ච දේවල්, කොහොමද පනත් හැදුවේ, කොහොමද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී හිටියේ, අරලියගහ මන්දිරේ ඇතුලේ හිටපු හැටි අපි පුදුම වෙන්නේ නැහැ. අදත් සමගි ජනබලවේගය වෙනුවෙන් පෙනී සිටිනවා සමහර විපක්ෂයේ පක්ෂ. මම කනගාටු වෙනවා ඇත්තටම ඒ ගැන. ඒ උනාට අපි ඔබතුමාට කියනවා මනුෂ නානායක්කාර මැතිතුමා  කතා කරගෙන යද්දි සවස පහෙන් පස්සේ අපි මේ අය වැය කාලසීමාව තුළදී ම විපක්ෂයේ කාටවත් කතා කරන්න හමුවුණේ නැහැ . පිළිතුරු දෙන ඇමතිවරයාට විතරයි කාලය ගන්න පුළුවන්. එහෙම නැති උනොත් එහෙම මේ උදේ ඉදන් පොයින්ට් ඔෆ් ඕඩර් අරගෙන, ගරු කතානායකතුමනි මම හැමවෙලේම කියනවා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී කතානායකවරයෙක්.  ගිය අවුරුදු පහේ අපි බැට කාපු හැටි අපිට හොඳට මතකයි. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් වත් හිටපු කථානායක කරු ජයසුරිය මැතිතුමා අපිට ගේන්න දුන්නේ නැහැ. ඒ ගැන කිව්වම එතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ.ඊලඟට චෝදනා කරනවා ඔබතුමාට සිග්නල් දාපුවාම ඔබතුමා ඒ සිග්නල් වලට කටයුතු කරනවා කියලා .  සිග්නල් දාලා තීන්දු තීරණ දුන්නේ ගිය ආණ්ඩුව කාලේ.  මම සංවිධායක හැටියට මගේ යුතුකමක් තමයි පහෙන් පස්සේ විපක්ෂයට වෙලාව දෙනවනම්,  පහෙන් ඉස්සෙල්ලා අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විනාඩි දෙක තුන කපලා තිබුනා . සමහර අයට විනාඩි දෙකයි හම්බෙන්නෙ. ඒක නිසා ඒ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයාට අන්තිමට කතා කරන්න දුන්නාම. ඒ නිසා මගේ යුතුකම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට ඒ අඩුපාඩුවක් පෙන්නල දෙන එක. ඒ අවස්ථාවේ මුලසුනේ ඉන්න මන්ත්‍රීවරයා හෝ සභාපතිවරයාගේ වගකීම ඒක හැසිරවීම. මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඔබතුමාට ඉතාමත්ම නරක විදිහට කතා කරලා ඔබතුමාට පහර දෙන්න තමයි ආවේ.  ඒක අපි දැක්කා.  එතුමා බෝඩ් එකක් ගහගෙන ගිය නෑනෙ මම සාකච්ඡා කරන්න එනවා කියලා."

"සාකච්ඡා කරන්න එනවා කියලා බෝඩ් එකක් ගහගෙන ආවානම් හරි කෑගහගෙන ආවනම් අපිට තේරෙනවා එතුමා එන්නේ සාකච්ඡා කරන්න කියලා.  එතුමා පැහැදිලිවම ආවේ  ඔබතුමාට පහර දෙන්න.  ආරක්ෂකයෝ ඉන්නේ එහා පැත්තෙ . ආරක්ෂකයන්ට එතුමා ලගට දුවගෙන එන්න හම්බෙන්නෙ නැහැ මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා මෙතනට එද්දි. ඒ නිසා අපේ යුතුකම ඔබතුමා ආරක්ෂා කරන එක. ඔබතුමාට පහරදෙන්න අපි කිසිසේත්ම කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ අපි ඉන්නකම් මේකෙ. ගරු කතානායකතුමනි ඉතිහාසයේ අපි  52දෙදෙනෙක්, තිබුනේ බලවත් ප්‍රබල ආණ්ඩුවක්, එදා විපක්ෂනායකවරයා ආණ්ඩුවේ, විපක්ෂ ආණ්ඩුවේ, විපක්ෂයේ සංවිධායකවරයා ආණ්ඩුවේ, ඒවා අපිට හොඳට මතකයි. හැබැයි ඒවට යට වුනු පිරිසක් නෙමෙයි අපි හිටිය පනස් දෙක. ගරු කථානායකතුමනි අපි ඒ තර්ජනයට මුහුණ දුන්නා. පිහි ගෙනල්ලා අනිත් පැත්තෙන් ඇවිල්ලා අපිට තර්ජනය කරද්දි අපි ඒවට මුහුණ දුන්නා. ඒ නිසා ගරු කථානායකතුමනි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා, මම ඔබතුමා චෝදනා කරන්නේ ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලයි. ඔබතුමා හරියට බැලුවොත් ඔබතුමා පත්වෙච්ච දවසේ ඉඳලා වැඩියෙන්ම පොයින්ට් ඔෆ් ඕඩර් දීලා තියෙන්නේ විපක්ෂයට. වැඩියෙන්ම කතා කරන්න දීලා තියෙන විපක්ෂයට. විපක්ෂ නායකතුමා එතුමා විසිහත දෙකේ කියලා ප්‍රශ්න අහනකොට ඒකෙ තියෙනවා සීමාවක්. එතුමා කරන්නේ ෆොන්ට් එක පොඩි කරල එක කොලේ ගහනවා විනාඩි 15ක කතාවක්. එහෙම තමයි ඒගොල්ලෝ වංචා කලේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඊට පස්සේ ඔබතුමා තීන්දුවක් ගත්තා පක්ෂ නායක රැස්වීමේදී මේක විනාඩි පහට සීමා කරන්න කියලා. පෙරේදත් විනාඩි පහක් නෙමෙයි විනාඩි දහතුනක් එතුමා කතා කරලා. උත්තර දෙන්න ගියාම අපේ මන්ත්‍රීතුමාට ඉක්මනින් උත්තර දෙන්න කියලා, උත්තර දීලා ඉවර කරන්න කියලා ඔබතුමා කියනවා. ඒ නිසා ඔබතුමාට චෝදනා කරනවා නෙමෙයි. ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් හැටියට, පාර්ලිමේන්තුවේ අවුරුදු ගණනාවක් ඉඳලා ඔබතුමා වැඩි කාලයක් විපක්ෂයට දෙනවා. අපේ මන්ත්‍රීවරුන් පිටිපස්සේ ඉඳලා අපිට බනිනවා."

"ඔබතුමා ඔවුන්ට වෙලාව දෙන්නේ නැහැ කියලා. අපි ඔබතුමාගේ ඉල්ලන්නේ ඔබතුමාට තර්ජනය කරලා, ඔබතුමාට පහර දෙන්න ආපු නරක වචන වලින් ඔබතුමාව ඇමතුව ඒ මන්ත්‍රීතුමාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන අපේ මන්ත්‍රීවරු තිහකට වැඩි පිරිසක් අත්සන් කරලා. ඔබ තුමාගෙන් ඉල්ලනවා පරීක්ෂණයක් කරන්න මින් පස්සේ මෙවැනි දෙයක් සිද්ද නොවෙන්න. ඊට පස්සේ දෙවෙනි දවසේ සිදුවීම් සිද්ධවෙලා තියෙනවා අනුර දිසානායක මහත්තයා කියන විදියට. ඒකෙ පැමිණිල්ලක් ආවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ තවම. ඉතින් ඒක ගැනත් පරීක්ෂණයක් කරන්න. අපි ඒවාට විරුද්ධ වෙන්නේ නැහැ. අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව සාධාරණව, සමව, අපේ පොන්නම්බලම් මැතිතුමාත් ප්‍රකාශ ගණනාවක් කෙරුවා. මං හැබැයි මතක් කරනවා ඔබතුමාත් මේ පාර්ලිමේන්තුවේ බොරු කරල තියනවා කියලා. අද ඔබතුමා කතා කරන ජාත්‍යන්තරයට, පාර්ලිමේන්තුවේ ඉඩ දෙන්නේ නැහැ, ගහගන්නවා ඔබතුමාටත් යුතුකමක් තිබුණා කතානායකතුමාට තර්ජනය කරපු එක වැරදියි කියල කියන්න. ඔබතුමා ඒ ගැන මුකුත් කිව්වෙ නෑ. ඔබතුමා කතා කරන්නේ වන් සයිඩ් ස්ටෝරි. එක පැත්තක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා මේ පාවිච්චි කරන්න හදන්නේ ජාත්‍යන්තරයට මේ පාර්ලිමේන්තුවේ අද විපක්ෂයට ඉඩක් ලැබෙන්නේ නැහැ, කතා කරන්න ආරක්ෂාවක් නැහැ, පහරදෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, මේක තමයි කරන්න හදන්නේ. පාර්ලිමේන්තු සංසදයට ලියන්න. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයට ඕක අලුත් දෙයක් නෙමෙයි. අද ඊටත් වැඩිය මම දකින්නේ අද නිවාස අමාත්‍යාංශයේ විවාදය. විපක්ෂ නායකතුමා කරපු සම්පූර්ණ වංචා දූෂණ ගැන අද එළි වෙනවා ඒක නිසා ඉතාමත්ම උපක්‍රමශීලීව මනුෂ්‍ය නානායක්කාර නමැති මන්ත්‍රීවරයා කරපු ජරා වැඩේ වහලා, ඔහුට ගහන්න ගියා කියලා අර්බුදයක් පෙන්නලා හිමින් මාරුවුනා. පැනලා ගිය, එක තමයි එතුමා අද කෙරුවේ. කතානායකතුමනි මම කියනවා මේකේ ගෞරවය රකින්න ඔබතුමා සමග අපි ඔක්කොම ඉන්නවා ඔබතුමාත් එක්ක. ඔබතුමා නීත්‍යානුකූල විදිහට අනුර කුමාර මන්ත්‍රිතුමා කියපු විදිහට මන්ත්‍රී කණ්ඩායමක් දාන එක වැඩක් නැහැ කියන එකයි එතුමා කිව්වේ. එක එතුමාම කියපු එක හොඳයි. ඒක නිසා ඔබතුමාම දැන් මේක තනියම කරන්න පුළුවන් හැබැයි ඔබතුමා තනියම කෙරුවනම් කියනවා දෙපැත්තම අය දාන්නේ නැතුව ඔබතුමා තනියම තීන්දුවක් ගත්තා කියලා. එතුමාගෙන් මේක ඉදිරිපත් වීම ගැන මම එතුමාට ගරු කරනවා ගොඩක්. ඒ ගැන හොයලා බලල කටයුතු කරන්න කියලා ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා."

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 15:45

Related items