March 29, 2024

නැනෝ දියර පොහොර ගැන තව අවුලක්!

December 06, 2021

නැනෝ නයිට්‍රජන් පොහොර යළි ශ්‍රී ලංකාවට රැගෙන එනවාද නැද්ද යන්න අද තීරණය කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර මෙරටට ගෙන්වන නියෝජිතයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම තත්ත්වය තුළ දියර පොහොර මෙරටට ගෙන්වීම ප්‍රමාද වෙමින් ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

අදාළ නියෝජිතයා ගිවිසුම් ගත වූ පරිදි ක්‍රියාත්මක නොවීමෙන්, මෙම තත්ත්වය උද්ගතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අනාවරණ කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෘජුව මැදිහත්වී ඒ පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි, අමාත්‍යාංශය පොහොර ලේකම් කාර්යාලයට හා රජයේ පොහොර සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් තීරණයටකට එළැඹෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් පොහොර මෙරටට ගෙන්වීමේදී ණයවර ලිපි සඳහා අවශ්‍ය ගෙවීම් නොකිරීම ඇතුළු හේතු මත දේශීය නියෝජිතයාගේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණ කළා.

Rate this item
(0 votes)