March 29, 2024

විදෙස් රැකියා කරන අයට විශේෂ දැනුම් දීමක්

December 05, 2021

රුපියල් බිලියන 72ක පමණ විදෙස් මුදල් ප්‍රමාණයක් ගතවූ මාසයක පමණ කාලය තුළ නීති විරෝධීව හුවමාරු වී ඇති බව හෙළි වී තිබෙනවා.

මේ බව අනාවරණය කළේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින්.

ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙසට විදෙස්ගත ශ්‍රමිකයන්ට උපදෙස් ලබා දෙන බව යි.

විදෙස් රටවල්වල සිට පැමිණෙන මුදල් පිළිබඳව මේවන විට ඉතා සුපරීක්ෂාකාරීව විමර්ශනය කිරීම සිදුවන බව ද ඔහු පවසනවා.

"ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලා එන ක්ෂේත්‍ර ගැන අපි සලකා බලනකොට ඉතාමත්ම ඉහළින් තිබෙන ක්ෂේත්‍රයක් තමයි ප්‍රේෂණ. අමෙරිකානු ඩොලර් බිලියන 7ක් පමණ මුදලක් වසරකට එවනු ලැබුවා. අපි දැක්කා පසුගිය මාසය තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ අඩු වීමක් සිදු වෙලා තිබෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරුකර ගන්නා නිසා. 

රුපියල් 200ක විතර තිබෙන එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 240කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපට දැනෙනවා. අමෙරිකානු ඩොලර් මිලියන 300ක් කියලා කියන්නේ මෙහෙ රුපියල් බිලියන 72ක් බෙදා හරින්නට අවශ්‍යයි. කෝටි 7,200ක් මේ රටේ බෙදා හරින්ට අවශ්‍යයි. එහෙම බෙදා හරිනවා නම් මේ සල්ලි කොහෙන්ද? වැඩි ප්‍රමාණයක් කුඩු ජාවාරම් වලින් වෙන්න පුලුවන්.

පිටරටවල්වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට අපි කියනවා එක එක ක්‍රමවේද පාවිච්චි කරන්නෙ නැතුව නිල මාර්ගවලින් තමන්ගෙ මුදල් ලංකාවට එවන්න. අපි ඒ ගැනත් දැන් ඉතාමත්ම සුපරීක්ෂාකාරීව හොයලා බලනවා”

Rate this item
(1 Vote)
Last modified on Sunday, 05 December 2021 14:38