April 25, 2024

අසාත් සාලි නඩුව වෙන අතකට : විමල් පිලේ පැමිණිලිකාර මන්ත්‍රීවරු තිදෙනා අධිකරණයට

December 04, 2021

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ අසාද් සාලි මහතා බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මේ වන විට වෙනතකට පෙරළී තිබෙනවා.

ඒ අසාත් සාලි මහතාව අත් අඩංගුවට ගැනීමට මුල් වූ පැමිණිල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබීම නිසා.

වගකීම් විරහිත මන්ත්‍රීවරුන්

එසේ නියෝග කර තිබෙන්නේ මහාධිකරණ විනිසුරු.

මහාධිකරණ විනිසුරුවා එසේ නියෝග කළේ අසාත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කළ කරුණු පෙන්වා දීම නිසා.

ඔහු සඳහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා වගකීම් විරහිතව ද්වේශ සහගතව සිදුකර ඇති පැමිණිල්ල නිසා සිය සේවාදායකයාට අගතියක් වූ බවයි.

ඒ අනුව මෙසේ නියෝග ලබා තිබෙන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙක් වන මොහොමඩ් මුසම්මිල් , නිමල් පියතිස්ස හා ගාමිණී වලේබොඩ යන මහත්වරුන්.

තිදෙනාම විමල් පාර්ශවයේ

ඔවුන් තිදෙනාම විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයක්.

ඔවුන් තිදෙනාට එළඹෙන පෙබරවාරි 21 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබෙනවා.

අධිකරණය විසින් අසාත් සාලි මහතාව මේ වන විට සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 21:21

Related items