April 24, 2024

විදුලි බිඳවැටුම ගැන මණ්ඩලයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

December 03, 2021

දිවයිනටම බලපාන පරිදි සිදුවූ විදුලි බිඳවැටීම සිතා මතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරළේ විදුලි බිඳවැටුම යථා තත්ත්වයට පත් කිරීම විදුලි ඉංජිනේරුවන් විසින් මේවන විට උවමනාවෙන්ම පමා කරමින් සිටින බව යි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ හිතාමතා විදුලිය විසන්ධි කර ඇති බවට පරීක්ෂණ මගින් අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව යි.

මේ අතර මේවන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථාවත් වී ඇති බව ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.

විදුලිබල අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝශයක් නිසා මෙම බිඳවැටුම සිදු ව ඇති බවට යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 16:36