April 20, 2024

ඔබටත් රට රැකියාවක්!

December 03, 2021

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් වූ ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ සහ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවති එම සාකච්ඡාවට කටාර්හි කම්කරු කටයුතු පිළිබඳ උප ලේකම් මොහොමඩ් හසන් ඔබයිඩ් මහතා ප්‍රමුඛ කටාර් රාජ්‍යයේ දූත පිරිසක් එක්ව තිබෙනවා.

එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් කටාර් රාජ්‍යයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා අවකාශ ලබාදෙන ලෙසට ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ දූත පිරිස මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

Rate this item
(1 Vote)