April 19, 2024

ආණ්ඩුවට සරල බහුතරයත් අහිමි වෙයි: ශ්‍රීලනිපය එක්ක ආණ්ඩුවේ 60ක් ඉවත් වෙන්න සූදානම්!

December 03, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවල අය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින කලකිරුණු පිරිස එළියට ගියහොත් ආණ්ඩුවට සරල බහුතරය ද අහිමි වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

හවුල්කාර පක්‍ෂවල අය එළියට ගියගොත් යන්නේ ශ්‍රී.ල.නි.ප 14 ඇතුළු එම පක්‍ෂ නියෝජනය කරන 30ක පමණ කණ්ඩායමක් පමණක් නොව පොදුජන පෙරමුණේ අයද ඇතුළුව 50ත් 60ක් පමණ ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

එබැවින් හවුල්කාර පක්‍ෂවල අයට ආණ්ඩුවෙන් එළියට යන්න යැයි කියන අය ජනාධිපතිවරයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින්නේ ද යන්න ගැන එතුමා සැලකිලිමත් විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආණ්ඩුවෙන් යන්න යැයි කී අය ඊට පෙර විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ කණ්ඩායම්වල අයටත් ඉවත්වන ලෙස පැවසුවේ යැයි කී ඇමතිවරයා ඒ අනුව ඔවුන් මේ වන විට ආණ්ඩුවේ 30 ගණනකට ඉවත්වන ලෙස පවසා ඇතැයි ද කියා සිටියා.

ආණ්ඩුවේ සිටින අයට ඉවත්වන්නැයි කියන්නේ ජනතා ප්‍රසාදයක් ඇති, පිළිගත් හා දේශපාලන පරිනතභාවයක් ඇති අය නොවන බවත් ආණ්ඩුවට සරල බහුතරයත් නැතිකිරීමේ අරමුණක් ඇති අය ඉන්නා බව පෙනෙන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් හැදූ ආණ්ඩුව වැට්ටවීමේ අවශ්‍යතාවයක් ශ්‍රී.ල.නි.පයට නැතැයි කී අමරවීර මහතා ආණ්ඩුවෙන් ඉවත්වුවත් පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය හෝ සමඟි ජනබලවේගය වැනි වෙනත් පක්‍ෂ හා එක්නොවන බව ද සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (2) පැවති පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Rate this item
(4 votes)
Last modified on Saturday, 04 December 2021 11:01