April 20, 2024

ජනතාව ගෑස් එපා කියයි - අලෙවිකරුවන් අසීරුවේ

December 02, 2021

ගෑස් කාන්දුවිම්, ගෑස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් පවසනවා.

ගෑස් අලෙවි සමාගම් විසින් මිට ප්‍රථම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබානොදුන් බවත්, ගෑස් අලෙවිය අඩුවිමත් සමග එම සමාගම විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට මේ වන විට කටයුතු කර ඇතත්, ගෑස් අලෙවිය අඩුවිම හමුවේ තම අලෙවි නියෝජිත වෙලඳසැලට සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබාගත් බවයි හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

අද (02) දින හැටන් නගරයට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ගෑස් සිලින්ඩර් බෙදා හරින අයුරු අප කැමරාවේ මෙසේ සටහන් විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 23:35