April 25, 2024

චීනයෙන් දැඩි තීන්දුවක්! ලංකාව අතහැර මාලදිවයිනට හිතයයි - මෙරට ව්‍යාපෘති තුනක් හකුලා ගනියි

December 02, 2021

චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කර තිබෙනවා.

තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් 'සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි' නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වෙනවා.

උතුරු පළාතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දුපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට චීන සමාගම සුදානමින් සිටි අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබිණි.

ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර ඇතැයි ද එහි දැක්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 19:41