April 19, 2024

"ශ්‍රීලනිපය ගොවීන් සමග දේශපාලනය කරනවා: ඒක අපේ අයිතියක්" - දුමින්ද දිසානායක

December 02, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොවියන් සමඟ දේශපාලනය කරන බව දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

ගොවියන් ශ්‍රී.ල.නි.පයේ එක් පුරුකක් බවයි එම පක්ෂයේ ජාතික සංවිධායකවරයාද වන දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රීලනිපයේ එක් පුරුකක්

සඟ,වෙද,ගුරු,ගොවි, කම්කරු පංච මහා බලවේගයෙන් උපන් ශ්‍රීලනිපය එහි එක් පුරුකක් වන ගොවියාගේ අයිතිය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

ගොවියාගේ ආර්ථික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වගවීම ශ්‍රී.ල.නි.පයේ වගකීමක් බව පෙන්වා දෙන දිසානායක මහතා ගොවීන් වෙනුවෙන් දේශපාලනය කිරීම සිය අයිතියක් බවත් සඳහන් කරනවා.

ඔහු මෙම පිළිතුර ලබා දුන්නේ කාහටදැයි නිශ්චිතව ප්‍රකාශ කරන්නේ නැහැ.

ශ්‍රීලනිපයේ ශාඛා සමිති

එහෙත් හිටපු ජනපති , ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා උදේට ගොවි උද්ඝෝෂණ පවත්වා සවසට එම ගොවියන් රැස්කොට පොලොන්නරුවේ ශාඛා සමිති පිහිටුවන බවට පොදුජන පෙරමුණ පාර්ශවයෙන් චෝදනා එල්ල වුණා.

එසේ චෝදනා එල්ල කළේ මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා හා රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරුන්.

එම චෝදනාවන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කරනු දක්නට ලැබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 13:12

Related items