April 19, 2024

ලිට්රෝ ගෑස් හිතුවක්කාර වෙයි: සපුගස්කන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරයි

December 02, 2021

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ සංයුතිය සම්බන්ධයෙන් සපුගස්කන්ද රසායනාගාරයේ සිදුකළ පරික්ෂා කිරීම් වල වාර්තාව තමන්ට පිළිගත නොහැකි බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කරනවා.

ඒ එම රසායනාගාරය සඳහා නිසි ප්‍රමිතියක් නොමැති බව සඳහන් කරමින්.

විශේෂ කාරක සභාව

ලිට්‍රෝ ගෑස් සමාගම මේ බැව් සඳහන් කළේ ඊයේ (1) පාර්ලිමේන්තුවේ පැවැති ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධව සොයා බලන විශේෂ අමාත්‍යංශ කාරක සභාවේ රැස්වීමේදී.

සපුගස්කන්ද රසායනාගාරයේදී සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබුණේ ප්‍රොෆෙන් හා බියුටේන් ප්‍රතිශතය 49% හා 51% ලෙසටයි.

රාජ්‍ය ආයතනයක රසායනාගාර වාර්තාවක් පිළිගත නොහැක්කේ මන්දැයි මේ අවස්ථාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ නිලධාරීන් ගෑස් සමාගමෙන් ප්‍රශ්න කර තිබෙනවා.

කිලෝ 18 සිලින්ඩරය

මෙම විශේෂ අමාත්‍යංශ කාරක සභා පත් කරන ලද්දේ සභා නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුවයි.

ලිට්‍රො ගෑස් සමාගමේ නිලධාරීන් මීට පෙර සඳහන් කර තිබුණේ ප්‍රොෆෙන් හා බියුටේන් ප්‍රතිශතය 49% හා 51% ලෙස භාවිතා කළේ තහනමට ලක්කර කිලෝ 18 සිලින්ඩරයට බවයි.

එම ප්‍රතිශත වලට අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩර පිර වූ නැති බවයි එම සමාගම සඳහන් කර සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 13:03