April 20, 2024

වී මෝල් හිමියන්ට හාල් කිලෝවකින් රු.20-30 ක ලාභයක්: අර්බූදයේ වග කිවයුත්තා ඇමති - ශක්ති සහල් සභාපති

December 02, 2021

මහා පරිමාණ වී මෝල් හිමියන් හාල් කිලෝවකින් රු. 20 - 30 අතර ලාභයක් උපයන බව හෙළිදරව් වනවා.

එම හෙළිදරවුව කරන්නේ ශක්ති සහල් ව්‍යාපාරයේ සභාපති මුදිත පෙරේරා මහතායි.

රු. 5ට බැස්සූ ලාභය

මහා පරිමාණ වී මෝල් හිමියන් හාල් කිලෝවකින් එසේ ගන්නා ලාභය තමන් රු. 5 ට බැස්සුව බවත් පෙරේරා මහතා හෙළිදරව් කරනවා.

රටේ සහල් මාෆියාවක් තිබෙන බවත් මුදල් අමාත්‍යංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය මුල් වී නිර්මාණය කළ එකක් බවටයි ඔහු චෝදනා කරන්නේ.

ලංකා සතොසේ සහල් අලෙවියෙන් සිදු වූ පාඩුව රු. මිලියන 650 ක් බවද ඔහු පෙන්වා දෙන්නේ එය තමන් නොව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද සඳහන් කරමින්.

සහල් අර්බුදයේ වග කිවයුත්තා

වර්තමාන සහල් අර්බුදය 50% ක වගකීම ගත යුත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා බවට පෙරේරා මහතා චෝදනා කරනවා.

රු. මිලියන 3000 කට වඩා වටිනා සහල් තොගයක් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ හිතවතකු වන ආහාර දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයා එළියට විකුණා ඇති බවත් ඔහු හෙළිදරව් කරනවා.

ශක්ති සහල් ව්‍යාපාරයේ සභාපති මුදිත පෙරේරා මහතා මේ කරුණු හෙළිදරව් කළේ යූටියුබ් චැනලයක සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 09:55