April 25, 2024

මේ වෙලාවට පරිස්සමෙන් යන්න: වැඩිම රිය අනතුරු වලට වගකිය යුත්තේ මේ අයයි

December 02, 2021

මාරක රිය අනතුරුවලට යතුරුපැදි වගකිව යුතු බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

එම ප්‍රතිශතය 42%ක්. 12%ක් ලොරි සහ ටිපර් රථ රිය අනතුරු වලට වගකිව යුතු බවයි වාර්තා වන්නේ.

දිනකදී රිය අනතුරු හේතුවෙන් මෙරට මියයන පුද්ගලයින්ගෙන් 40%ක් යතුරුපැදිකරුවන් වන අතර, 30%ක් පදිකයන් සහ 9%ක් පාපැදිකරුවන්.

එසේම, මෙරට අනතුරුවලින් 47%ක්, පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ සිදු වනවා.

මෙම කරුණු අනාවරණ වුණේ, මාර්ග අනතුරුවලට ලක් වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමී ව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඊයේ(01) පැවති උත්සවයකදීයි.

හඳුනා නො ගත් රිය අනතුරුවලින් මියයන පුද්ගලයින්ගේ යැපෙන්නන්ට සහ තුවාල ලබන වින්දිතයන්ට ගෙවන වන්දි මුදල වැඩි කරන බවයි එහිදී අදහස් දැක් වූ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ.

Rate this item
(1 Vote)

Related items