March 29, 2024

ඉන්දියාවේ ගිය බැසිල් අලුත් ගෑස් එකකින් කෑම හදා පෙන්වයි (VIDEO)

December 02, 2021

මේ වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටිනවා.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාවය තව දුරටත් වැඩිවර්ධනය කර ගත හැකි මාර්ග පිළිබදව ඉන්දීය බළධාරීන් සමග බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සාකච්ඡා කරමින් සිටියි.

මුදල් අමාත්‍යවරියද ඊයේ(01) බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙනවා.

ඉන්දීය සංචාරයේ දී මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ කි‍්‍රයාත්මක වන බලවත් සමාජ සේවා ආයතනයක් වන සුලාබ් සංවිධානයටද ගොස් තිබුණා.

එහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ කෑම පිසීමේ කටයුතු සිදු කර තිබුණේ ජීව ගෑස් [biogas] භාවිතයෙනි.

සුලාබ් සංවිධානය යනු මානව හිමිකම්, පාරිසරික ගැටළු, කසළ කළමණාකරණය සහ විකල්ප බලශක්ති ප‍්‍රභවයන් පිළිබදව අවධානය යොමු කර තිබෙන සංවිධානයකි.

ස්වේච්ඡ සේවකයන් පනස් දහසක් පමණ මෙම සංවිධානය හා සම්බන්ධ වී සිටින බව පැවසෙනවා.

Rate this item
(0 votes)