April 25, 2024

ව්‍යාපාරිකයින් වැද වැටෙයි..අදෝනා මැද කොස්කැලේ කඩ කඩා දමයි! (VIDEO) Featured

December 02, 2021

මගී ජනතාව අතර ඉතා ජනප්‍රිය ස්ථානයක් වන දඹුල්ල මැල්සිරිපුර කොස්කැළේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස ඇති වෙළෙදසැල් සියල්ල ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබුණා.

පොලීසිය සමග පැමිණි නිලධාරීන් එම කඩ ඉවත් කිරීමේදී ව්‍යාපාරිකයන් විසින් දැඩි විරෝධයක් පළ කර තිබූ අතර එහිදී උණුසුම් තත්වයක් හට ගත්තා.

මංතීරුවක් ඉදි කිරීමට අවශ්‍ය බව කියමින් මෙම කඩ ඉවත් කර තිබෙන බවයි එම ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ.

2002 වසරේ සිට එම ව්‍යාපාරිකයින් එම ස්ථානයේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන ගිය බවද ඔවුන් කියා සිටියා.

එම ස්ථානයේ ව්‍යාපාරික ස්ථාන 30ක් පමණ පවත්වාගෙන ගොස් තිබුණා. ඊයේ(01) එම කඩ සියල්ල ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්.

අධිකරණ නියෝගයක් මත එම කඩ කාමර ඉවත් කර තිබුණා.

Rate this item
(0 votes)

Related items