April 20, 2024

කටුනායක වෙළෙඳ කළාපයේ හදිසි ගිනි ගැනීමක්

December 01, 2021

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි රබර් අත් වැසුම් නිපදවන ලලාන් රබර් ඉන්ඩස්ට්‍රිස් පුද්ගලික සමාගමේ කර්මාන්තශාලාවේ අද(01) හදිසියේම ගිනි ගැනීමක් හට ගෙන තිබූ බව අප වාර්තාකරු පැවසුවා.

මෙම කර්මාන්තශාලාවේ "තර්මල් ඔයිල් " ගබඩා කර ඇති ටැංකියට ඉහළින් නඩත්තු කටයුත්තක් සිදු කරමින් සිටියදී, එයින් විසි වූ ගිනි පුපුරු නිසා මෙම ගින්න හට ගන්නට ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කටුනායක පොලීසිය සැක පහළ කරනවා.

මෙම හදිසි ගිනි ගැනීම අද 05.50 ට පමණ මෙම ගිනි ගැනීම ආරම්භ වී ඇති අතර රාත්‍රී 06.30 වනවිට එම ගිනි ගැනීම පාලනය කර නිමා දැමීමට කටුනායක නිදහස් වෙළෙඳ කළාපීය ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබුණා.

මෙහිදී එම නඩත්තු කටයුතු වල නියැලී සිටි එම කර්මාන්තශාලාවේ සේවකයින් තිදෙනකු තුවාල ලබා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කටුනායක පොලීසියේ ස්ථානාධිපති අකිල රණසිංහ මහතාගේ උපදෙස් පරිදි එම පොලීසියේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

කටුනායක - ටී.කේ.ජී.කපිල

Rate this item
(0 votes)