April 25, 2024

ගෑස් පිපිරෙන හැටි - CCTV දර්ශන

December 01, 2021

දිවයින පුරා තැනින් තැන සිදුවන ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරා යෑම් ඊයේ සහ පෙරේදා දිනයේ බහුලව වාර්තා වුණා.

පෙරේදා දිනයේ තුළ පමණක් මේ ආකාරයේ සිදුවීම් 16 ක් වාර්තා වූ අතර ඊයේ වාර්තා වූ ගෑස් ආශ්‍රිත හදිසි අනතුරු සංඛ්‍යාව 20ක්.

අද දිනයේදීත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් අනතුරු රැසක් වාර්තා වුණා.ඒ අකුරණ, තලවාකැලේ, යක්කලමුල්ල, බගවන්තලාව සහ නානුඔය යන ප්‍රදේශවලිනුයි.

මුලුතැන්ගෙයක ගෑස්ලි ප ආසන්නයේ හදිසියේ සිදුවන පිපිරී යාමක් ඒ මුළුතැන්ගෙයි සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.

මෙම වීඩියෝව මීට පෙර සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද්දක් බවට තොරතුරු වාර්තා වෙනවා.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 01 December 2021 22:20