April 24, 2024

ගෑස් පිපිරීම් ගැන ප්‍රමිති ආයතනයයෙන් නිවේදනයක්

December 01, 2021

ශ්‍රී  ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට එම ආයතනයට බලයක් නොමැති බවද එහි සඳහන්ව තිබෙනවා.

මේ අතර  කපාට, රේගියුලේටර් සහ නම්‍යශීලී හෝස් සඳහා නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කර ඇති අතර එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වගකීම බව ද එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 December 2021 18:07