March 28, 2024

පාසල් වලට ඇතුළත් කර ගැනීමේදී ගුරු ළමුන්ට ප්‍රමුඛතාව දෙන්න: සජිත් පිලෙන් යෝජනාවක්

December 01, 2021

සිය දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා ගුරුවරුන්ට ප්‍රමුඛත්වය දෙන ලෙස නලින් බණ්ඩාර මහතා අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා එම ඉල්ලීම කළේ අධ්‍යාපන අමාත්‍යාංශ කාරක සභා වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

රාජ්‍ය ඇමතිගෙන් කළ ඉල්ලීම

ඔහු එම ඉල්ලීම අමාත්‍යවරයාගෙන් පමණක් නොව ඒ අවස්ථාවේ සභාවේ සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන්ද කරනු ලැබුවා.

පහුගිය දිනවල වෘත්තීය ප්‍රශ්න මත ගුරුවරුන් ආණ්ඩුව සමග ඇතිව තිබෙන පරතරය හා අමනාපකම් මකා ගැනීමට එය පිටුවහලක් වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ගුරු වෘත්තියේ අත්දැකීම

ඒ අයගේ හිත් දිනා ගැනීම සඳහා කළ හැකි හොඳම දෙය ළමුන් පාසල් වලට ඇතුළත් කර ගැනීමේදී ගුරුවරුන්ගේ ළමුන්ට ප්‍රමුඛතාවය ලබාදීම බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

තමා මෙම ඉල්ලීම කරන්නේ ගුරුවරයකු ලෙස වසර කිහිපයක් දුෂ්කර සේවාවේ සිටි අයෙකු ලෙස ලද අත්දැකීම් මත බවත් මන්ත්‍රිවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 17:26

Related items