March 28, 2024

"උරුමය, කරුමය දෙකම කර ගහන්න වෙනවා" - ඇමති රෝහිත අර්බුධය ගැන කියයි

December 01, 2021

ආණ්ඩුවක් ඇතුලේ ඉන්නවා නම් උරුමයට වගේම කරුමයට ද කර ගැසිය යුතු බව වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසුවා.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ සහෝදර පක්ෂයත්. එතුමන්ලාගේ එක්කෙනෙක් දෙන්නෙක් කට කැඩිච්ච කතා කියනවා. සමහර වෙලාවට කිඹුලා කන එක ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා.ඕවා ඉතින් එච්චර ගණන් ගන්න ඕනේ දේවල් නෙවෙයි. ආණ්ඩුවක් ඇතුළේ ඉන්න කොට උරුමයයි, කරුමයි දෙකම කරගන්න වෙනවා. කොටසක් ඉන්නවා නම් උරුමය එනකොට අපි ඒක කලේ, කරුමය එනකොට නැහැ නැහැ අපි නෙවෙයි ඒක කලේ. එහෙම ආණ්ඩු ඇතුලේ ඉන්න බැහැ. ආණ්ඩුවක් ඇතුලේ ඉන්නවා නම් දෙකම කර ගහන්න ඕනේ. ආණ්ඩුවක් හැටියට හැමදාම විල්ලුද පලසක් රෝස මල් යහනාවක් නැහැ. බාධක එනවා ප්‍රශ්න එනවා ඒකට හැමෝම හයියට මූණ දෙන්න ඕන."

(බෝධිත උබේසිරි)

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 December 2021 18:50