March 28, 2024

එදා ගෑස් "ඕනේ ඕනේ" කියපු අය අද "එපා එපා" කියනවා : අලෙවිකරුවන්ගෙන් මැසිවිලි

December 01, 2021

ගෑස් සිලින්ඩර පිපිරීමේ ප්‍රශ්නයක් සමග ගෑස් සිලින්ඩර අලෙවිය පහළ බැස ඇති බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.

මීට ටික කලකට පෙර ගෑස් සිලින්ඩර නොමැතිකමින් පාරිභෝගිකයා පීඩා වින්දද මේ වන විට ගෑස් සිලින්ඩර මිලට ගැනීමෙන් පාරිභෝගිකයා වැළකී සිටින බවයි එම වෙළඳුන් පෙන්වා දෙන්නේ.

අලෙවියේ අඩුවක්

මීට පෙර දින කිහිපයකට වතාවක් ලබා දෙන ගෑස් සිලින්ඩර අලෙවි වී අවසන් වූවත් මේ වන විට ගෑස් පුරවන ලද සිලින්ඩර සති ගණනක් ගියත් අලෙවි නොවන බවයි එම වෙළෙඳුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ගෑස් ලීක් වීම පාරිභෝගිකයින් යළිත් තමන් වෙත ලබා දෙන සිලින්ඩරද යළි ලිට්රෝ ගෑස් ආයතනය වෙත ලබා දීමද ප්‍රශ්නයක් වී ඇති බවයි එම වෙළෙඳුන් සඳහන් කරන්නේ.

සිලින්ඩර භාරදීමේ ප්‍රශ්නය

එම ගෑස් සිලින්ඩර රැගෙන යාමට සමාගම් නියෝජිතයන් නොපැමිණ බවත් එම සිලින්ඩර තමන් පැමිණෙන තෙක් රඳවා ගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි එම වෙළෙඳුන් අනාවරණය කරන්නේ.

මේ නිසා එම සිලින්ඩර සිය වෙළෙඳ සැල් ඉවත ඉඩකඩම් වල අනාරක්ෂිතව තැබීමට සිදුව තිබෙන බවත් එම වෙළෙඳුන් චෝදනා කරනවා.

ගෑස් සිලින්ඩර පිපිරීමේ ප්‍රශ්නය මත දර හා විදුලියෙන් ආහාර පිසීමේ උපාංග වෙත මේ වන විටත් බොහෝ පාරිභෝගිකයන් යොමු වී අවසන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 17:13