April 19, 2024

දින තුනක් තුළ මළ සිරුරු 4ක් යාපනය වෙරළට ගොඩ ගහලා - අභිරහස තවම විසදී නැහැ

December 01, 2021

යාපනය මුහුදු තීරයන්ට දිනෙන් දින මළසිරුරු ගොඩගැසීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි යාපනය පොලිසිය පැවසුවා.

යාපනය වඩමරච්චි මරදන්කේනි මුහුදු තීරයටද ගොඩගසා තිබූ තවත් නාඳුනන මළ සිරුරක් ඊයේ (30) දිනයේදී සොයාගත් බවට මරදන්කේනි ධීවරයින් පවසනවා.

පසුගිය 28 වනදා නෙඩුන්තීවු ධීවරයින් පිරිසක් විසින් ඩෙල්ෆ් මුහුදු වෙරලට ගොඩගසා තිබූ නාදුනන මළ සිරුරක් දැක ඒ පිළිබඳව ඩෙල්ෆ් පොලීසියට දැනුම් දී තිබෙනවා.

මේ අතර 27 වනදා යාපනය වැල්වැටිතුරෙයි මනල්කාඩු මුහුදු තීරයටද මෙලෙසින් නාදුනන මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී සොයාගත් අතරම නාදුනන මළ සිරුරක් ගොඩගැසීමත් සමග පොලීසිය විසින් අදාල මළ සිරුරු පිළිබඳව සොබැලීමට පියවර ගෙන තිබෙනවා.

මුහුදු වෙරල වෙතට ගොඩගසා තිබූ සියලු මළ සිරුරු හඳුනා ගැනීමට නොහැකකි අයුරින් නරකව තිබීම හඳුනාගැනීමට අහසු වී ඇති අතරම සියලු මළ සිරුරු මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණයන් වෙතට යොමුකොට ඇතැයිද පොලීසිය පවසනවා.

මේ අතර අදාල මළ සිරුරු සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීමේදී  උතුරු පලාතේ මුහුදු ගිය ධීවරයින් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ පැමිණිල්ලක් නොමැති හෙයින් යම් හෙයකින් උතුරු මුහුදට ඇතුල් වීමට උත්සහ කරන ලද අනවසර සංක්‍රමණිකයින්ගේ බොට්ටුවක් පෙරලී එහි පැමිණි පිරිස් මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව සිරුරු ගොඩගසන්නේ දැයි යන්න පිළිබඳව සෙවීම සඳහා නාවික හමුදාවද දැනුවත් කොට ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)