April 25, 2024

අයවැය මැද අසනීප වී රෝහල්ගත කළ මන්ත්‍රීට කොරෝනා - 17ක් නිරෝධායනයේ

December 01, 2021

යාපනය පේදුරුතුඩුව නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කොවීඩ් වෛරසය ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන් එහි සභාපති ඇතුලු 17 දෙනෙකු නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

පේදුරුතුඩුව නගරසභාවේ 2022 අයවැය ඉදිරිපත් කිරීම සඳහා සභිකයින් රැස් වී නව අයවැය සම්මත වීමෙන් අනතුරුව සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ මන්ත්‍රිවරයෙකුට අසනීප වී රෝහල්ගත කොට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව නගරසභා කටයුතු තාවකාලිකව නවතා දැමීම සිදු වී තිබෙනවා.

මේ අනුව එහි සභාපතිවරයා, මන්ත්‍රීවරුන් ඇතුලු 17 දෙනෙකු කොරෝනා ආසාදිත මන්ත්‍රීවරයා සමීප ඇසුරු කල ඇති බවට අනාවරණය වීමෙන් එම පිරිස් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවටද සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 13:23