April 19, 2024

මම ශ්‍රීලනිප ජාතික සංවිධායක : පක්ෂය ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා - රාජ්‍ය ඇමතිගෙන් යලි ප්‍රතිචාර

December 01, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත හැර ගිය සියල්ලන්ටම යළි පක්ෂයට එකතු වෙන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම ආරාධනා කළා.

ඒ අනුරාදපුරෙ මිහින්තලේ පැවති ශ්‍රී.ල.නි.ප රැස්වීමකදී.

විවේචනවලට ප්‍රතිචාර

එය ඇතැම් පාර්ශව විවේචනය කර තිබුණා.

ඊට දිසානායක මහතා ප්‍රතිචාර දක්වා තිබුණා.

ඒ අනුරාධපුර නැගෙනහිර ශ්‍රී.ල.නි.ප බල මණ්ඩල රැස්වීම අමතමින්.

ජාතික සංවිධායක

ශ්‍රී.ල.නි.ප යෙන් සුළු සුළු අමනාපකම් මත ගිය අයට යළි පක්ෂයට එන ලෙස ආරාධනා කරන්න ජාතික සංවිධායකවරයා හැටියට තමාට අයිතියක් තිබෙන බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

තමන් හොඳ ශ්‍රී.ල.නි.පකාරයෙක් මිස වෙන වෙන පක්ෂවලට කත් ඇදපු , මුක්කු ගහපු පුද්ගලයකු නොවන බවද එහිදී පෙන්වා දී තිබෙන දිසානායක මහතා ශ්‍රී.ල.නි.ප මහ ගෙදර ගැන කතා කරන්න මම කාගෙන්වත් අවසර ගත යුතු නැති බවත් සදහන් කර තිබෙනවා.

පක්ෂය ශක්තිමත් කිරීමේ අයිතිය

තමා මේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වුවත් ශ්‍රී.ල.නී.පය ප්‍රවර්ධනය කොට , ශක්තිමත් කොට අනාගත ආණ්ඩුවක් හැදීම සඳහා කටයුතු කිරීමට කිසිවකුගෙන් තමාට අවසරයක් අවශ්‍ය නැති බවයි දිසානායක මහතා පෙන්වාදී තිබෙන්නේ.

ඒ නිසා සුළු සුළු අමනාපකම් මට පක්ෂයෙන් ගිය සියලු දෙනාටම යළි පැමිණෙන ලෙස තමන් යළිත් වතාවක් ආරාධනා කරන බවද දිසානායක මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 December 2021 12:25

Related items