April 20, 2024

"සංයුතිය වෙනස් කළා" - ගෑස් සමාගම සියල්ල පිළි ගනී

December 01, 2021

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට යොමු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා.

සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු අයි. විජයරත්න මහතා මේ බව කියා සිටියේ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින්.

පැවති සම්මත සංයුතියේ සැලකිය යුතු වෙනසක් සිදුකළ බවත් නමුත් එම අත්හදා බැලීම සාර්ථක නොවූ නිසා එම එම සිලින්ඩර වෙලදපලෙන් ඉවත් කළ බව ද ඔහු සදහන් කළා.

දැනට වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩර වල සංයුතිය පැවති සම්මත අගයන් අනුවම ඇතැයිද ඔහු තවදුරටත් ඒ කියා සිටියේ.

Rate this item
(0 votes)