April 20, 2024

ඉදිරියේ දී ගෙන්වන්නේ මේ වාහනයි - කැබිනට් අනුමැතියත් හිමිවෙයි

December 01, 2021

රජය විසින් ඉදිරියේ දී වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ සඳහා මවිසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

විදුලි බස් රථ ලබන වසරේ

විදුලි බලයෙන් ක්‍රියා කරවන වාහන හඳුන්වා දීම මඟින් මෙරට වායු දූෂණය යම් තරමකට අඩු වන අතර, විදුලි බලයෙන් ක්‍රියා කරවන බස් රථ ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ (30) පැවති නව ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අද අපේ රටට ආනයනය කරන ඉන්ධනවලින් සියයට 71ක් යොදා ගන්නේ වාහන ධාවනය සඳහායි. කොළඹ නගරයේ වාහන ධාවන වේගය තදබදයක් ඇති වේලාවල දී දැනට වේගය පැයට කිලෝමීටර් 06ක් දක්වා අවම වී තිබෙනවා. මේ වනවිට රජය වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. යම් විදියකින් තවත් වාහන ආනයනය කළහොත් සමහරවිට වාහනය එක තැන පැය ගණනක් නතර කර සිටීමට සිදුවේවි. රජය විසින් ඉදිරියේ දී වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා මවිසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. එම යෝජනාව ඉන් එහාට යමින් නාගරික ප්‍රදේශවල ප්‍රවාහනය සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරන පහත් පතුල් සහිත විශාල ප්‍රමාණයේ බස් රථ යොදා ගනිමින් Shuttle Bus සේවාවක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඉලෙක්ට්‍රික් කාර් වැඩි වෙයි

මේ අතර ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම එළඹෙන වසර 5 තුළදී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය සඳහා විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කරමින් සිටින පසුබිමක “විදුලි සහ හබ්‍රිඩ්” වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඉදිරියේදී ඇතිවෙතැයි එම සමාගම සඳහන් කරනවා.

නිසාන් සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වෙයි. 2030 වනවිට විදුලි මෝටර් රථ වර්ග 23ක් හඳුන්වාදීම එහි සැලැස්ම වනවා.

Rate this item
(4 votes)