April 19, 2024

විමල්ට ආයෙත් ජේවිපි වෙන්න පුලුවන්ද: ලාල් කාන්ත දුන් පිළිතුර මෙන්න Featured

December 01, 2021

ජනතා විමුක්ති පෙරමුණ තුළින්ම සිය දේශපාලන ගමන ආරම්භ කළ විමල් වීරවංශ අමාත්‍යවරයාට යළිත් එම පක්ෂයට පැමිණීමට හැකි දැයි යන්න පිළිබඳ කේ.ඩී.ලාල්කාන්ත මහතා පිළිතුරු දෙනවා.

හිටපු ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ඔහු එසේ පිළිතුරු දෙන්නේ ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

විමල්ගේ අනාගත ප්‍රකාශය

බිඳ වැටී ඇති රට යළි ගොඩ නැඟිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ බව වැඩි කලක් යාමට මත්තෙන් විමල් වීරවංශ මහතාද කියනු ඇතැයි යන්න තම විශ්වාසය බව කේ.ඩී.ලාල්කාන්ත මහතා එහිදී සඳහන් කළා.

ඒ බව තවම නොකීවත් ලඟදීම වීරවංශ මහතා ඒ බව කියනු ඇති බව දැන් දැන් පේන්න තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් ඔහුට යළිත් ජේ.වී.පී වීමට නොහැකි බවද ලාල්කාන්ත මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා කිසිදු ජේවීපී සාමාජිකයෙක් ඉඩ නොතබන බවද මතක් කරමින්.

වෙනස් විය යුතු විදිහ

විමල් වීරවංශ මහතාට ඉන්න තැනින් වෙනස් වීමට අවශ්‍ය නම් වෙනත් තැනකට පැමිණීමට හැකි බවයි ලාල්කාන්ත මහතා අවධාරණය කරන්නේ.

ඒ සඳහාද තමන් අතින් සිදුවූ වැරදි පාපොච්චාරණය කොට අයථා ලෙස එක් රැස්කර ධනයක් තිබේ නම් ඒ ගැනත් ගැන පාපොච්චාරණයක් කොට උත්සාහයක් ගත හැකි බවයි ලාල්කාන්ත මහතා සඳහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 December 2021 00:57