March 29, 2024

"ගෑස් පාවිච්චිය වැඩියි" - ගෑස් පිපිරිම ගැන වාසුගෙන් සොයා ගැනීමක්

November 30, 2021

ගෑස් භාවිතය ඉහළ යන විට සිලින්ඩර් පිරීම සාමාන්‍ය දෙයක් බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසුවා.

ඒ මහතා කියා සිටියේ පෙර කාලයේත් ගෑස් පිපිරීම් වාර්තා වූ බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

"එච්චර බය වෙන්න ඕනේ නැහැ. ඉස්සරත් පිපිරුවනේ. ඉස්සරත් ඔය ගෑස් සිලින්ඩර් පුපුරනවා හිටි ගමන්. එක එක තැන්වල හැම අවුරුද්දෙම අරගෙන බලන්න පිපිරීම් කොච්චර තියෙනවද කියලා. ඒවා ගෑස් පාවිච්චියේදී ඇතිවෙන අඩු දියුණු තත්වයක්. ගෑස් සැපයුමේ අඩු දියුණු තත්වයක් තියෙන්නේ. නැත්තම් ගෑස් වල තියෙන්නේ ඕනේ පරිපුර්ණ ආරක්ෂාව. ගෑස් භාවිතය වැඩි වෙනකොට පිපිරිම වැඩි වෙනවා. වගකීම තියෙන්නේ සම්පුර්ණයෙන්ම ගෑස් සපයන සමාගම් වලට."

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 30 November 2021 18:03